ගොවිතැන බේරාගන්නට අඟහරු ගමන අතහැර ආ නාසා විද්‍යාඥයා [ Bhoomi - Tamil 2021 ]
මෙලොව ජීවත් වන වෘත්තීකයින් අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගොවියන් යැයි කිවහොත් කවුරුත් මා සමඟ එකඟ වනු ඇතැයි සිතමි. මේ වනවිට බොහෝ ගොවීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වෙනත් රැකියාවන් කෙරෙහි යොමුවන්නේ එම බලපෑමට සාර්ථක මුහුණ දිය නොහැකි හේතුවෙන්ය. එහෙත් ගොවිතැනට පණ මෙන් ආදරය කරන කිහිප දෙනෙකු ගොවිතැන් කිරීමට සූදානම් වුව ද ඒ සඳහා අවශ්‍ය වන බීජ, පොහොර සහ තාක්ෂණික දැනුම වැනි දෑ ලබාගැනීමට නොහැකිව සිටින අවස්ථාවක ඔවුන්ගේ පිහිට පැමිණි බොහෝ බහුජාතික සමාගම් මේ වනවිට ලාභ උපයමින් සිටිති. එම සමාගම් ලාභ උපයන විට ණයබරින් පීඩා විඳින ගොවියාගේ ජීවිතය ලණුවකට, වස කුප්පියකට, ළිඳකට හෝ පෙට්ට්‍රල්වලට සීමා වෙයි. මහපොළව සමඟ උරෙන් උර ගැටි ගොවින් තැන් කළ ගොවියා ගිනිපොලිකරුවන්ට හසුවී සිය ජීවන ගමන අවසන් කරගනිමින් සිටියි. යම් රටක තිබෙන ස්වභාවික සම්පත්වලින් විශාල නිෂ්පාදන සිදු කර හැකි බවට පවසමින් රටවල් තුළට පැමිණ ආයෝජන කරන බහුජාතික සමාගම් සිය අභිමතය පරිදි රටේ පාලනයට අතපෙවීම් අපට නිතරම හමුවේ. එහි දිගුවක් ලෙස අවසානයේදී රටෙහි නායකයා තේරීම පවා එම බහුජාතික සමාගම්වල අවශ්‍යතාවයන් මත සිදු වෙයි. මෙලෙස බහුජාතික සමාගමක බිල්ලක් බවට...