Posts

Showing posts with the label Malayalam

කුඩා දරුවෙකුගේ මනඃකල්පිත ඝාතන කතා පසුපස හඹා යන විනිසුරුවා - [ Nizhal 2021 - Malayalam ]

Image
දෙවියන් සහ මිනිසා වර්ග කරනුයේ ඉතා සියුම් රේඛාවකින්ය. එය ද මනඃකල්පිත රේඛාවකි. මිනිසුන් වැරදි කරන පිරිස් ලෙසත්, දෙවියන් වැරදි නොකරන පිරිස් ලෙසත් වර්ග කෙරේ. කෙසේ වෙතත් අදාළ බෙදා වෙන් කිරීම සම්බන්ධයෙන් මා සතුව ඇත්තේ, විවේනයකි. ඒ සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කළ යුතුයි. වර්තමානය වනවිට ලෝකයා මුහුණදී තිබෙන කොරෝනා වසංගතය සමඟ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් නැවතත් සලකා බැලිය යුතුයි. පෙර ආත්මයේ සිදු කරනු ලැබු පිනක් හේතුවෙන්, මනුෂ්‍ය ආත්මකයක් ලැබු අප කුමන හෝ හේතුවක් මත වැරදි කිරීමට සිදුවේ. ඒවා වැරදි බව දැනගත්ත ද, ඉන් මිඳිමට නොහැකිව පසුතැවෙන මිනිසුන් බොහෝය. ඒවා සම්බන්ධයෙන් පසුතැවීමට බොහෝ අය උරහිසක් සොයති. ඒ උරහිසම අවසානයේදී සාක්ෂියක් බවට පත්වීමේ ප්‍රවණතාවයන් අධිකය.  විවිධ ක්ෂේත්‍රවල නියැලෙන සමාන අදහස් ඇති මිත්‍ර සමාගම් අතර ඇති වන කතාබහ අපූරුය. තමන්ගේ ක්ෂේත්‍රයේ හමුවන විචිත්‍රවත් කතා සම්බන්ධයෙන් නිදහස් වෙලාවක් කතා කිරීම තරම් විනෝදයක් නොමැති තරම්ය. මෙලෙස මනෝවිද්‍යවරියක විසින් සිය මිතුරා වන විනිසුරුවරයෙකුට පවසන කුඩා සිද්ධිය සහ ඒ සමඟින් ගොඩනැගෙන සිද්ධීන් එකිනෙක අපූරු ලෙස එක පෙළකට තබා තිරය වෙත රැගෙන ආ නිර්මාණය...