Posts

Showing posts with the label Tamil Movie

ගොවිතැන බේරාගන්නට අඟහරු ගමන අතහැර ආ නාසා විද්‍යාඥයා [ Bhoomi - Tamil 2021 ]

Image
මෙලොව ජීවත් වන වෘත්තීකයින් අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගොවියන් යැයි කිවහොත් කවුරුත් මා සමඟ එකඟ වනු ඇතැයි සිතමි. මේ වනවිට බොහෝ ගොවීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වෙනත් රැකියාවන් කෙරෙහි යොමුවන්නේ එම බලපෑමට සාර්ථක මුහුණ දිය නොහැකි හේතුවෙන්ය. එහෙත් ගොවිතැනට පණ මෙන් ආදරය කරන කිහිප දෙනෙකු ගොවිතැන් කිරීමට සූදානම් වුව ද ඒ සඳහා අවශ්‍ය වන බීජ, පොහොර සහ තාක්ෂණික දැනුම වැනි දෑ ලබාගැනීමට නොහැකිව සිටින අවස්ථාවක ඔවුන්ගේ පිහිට පැමිණි බොහෝ බහුජාතික සමාගම් මේ වනවිට ලාභ උපයමින් සිටිති. එම සමාගම් ලාභ උපයන විට ණයබරින් පීඩා විඳින ගොවියාගේ ජීවිතය ලණුවකට, වස කුප්පියකට, ළිඳකට හෝ පෙට්ට්‍රල්වලට සීමා වෙයි. මහපොළව සමඟ උරෙන් උර ගැටි ගොවින් තැන් කළ ගොවියා ගිනිපොලිකරුවන්ට හසුවී සිය ජීවන ගමන අවසන් කරගනිමින් සිටියි. යම් රටක තිබෙන ස්වභාවික සම්පත්වලින් විශාල නිෂ්පාදන සිදු කර හැකි බවට පවසමින් රටවල් තුළට පැමිණ ආයෝජන කරන බහුජාතික සමාගම් සිය අභිමතය පරිදි රටේ පාලනයට අතපෙවීම් අපට නිතරම හමුවේ. එහි දිගුවක් ලෙස අවසානයේදී රටෙහි නායකයා තේරීම පවා එම බහුජාතික සමාගම්වල අවශ්‍යතාවයන් මත සිදු වෙයි. මෙලෙස බහුජාතික සමාගමක බිල්ලක් බවට...

කොන් කළ සමාජයක අඳෝනාව - Karnan (2021) - Tamil

Image
මිනිසාට උපතින්ම ජාතියක්, ආගමක් සහ කුලයක් හිමිය. ඒවා උසස් ද පහත් ද යන්න වර්ග කිරීමට පවතින සමාජ ක්‍රමයට භාරදී ඇත. මුලදී මිනිසුන් සිදු කර කරන රැකියාව මත කුලය තීරණය වූව ද, පසුකාලීනව එය දේශපාලන බලය පතුරුවා හැරීමට භාවිත කරන ලදි. මහභාරතය වැනි සාහිත්‍ය කෘතිවලදී කුලය සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කර තිබීම දැකගත හැකිය. එහිදී කුල හීන අයට විවිධ වරප්‍රසාද අහිමි කරවීම් දැකගත හැකිව තිබේ. කෙසේ වෙතත් වර්තමානය වනවිට කුලය නමැති සාධකය සිය දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට භාවිත කරන ආකාරයක් දැකගත හැකිය. එමෙන්ම පාලන පංතිය සිය දේශපාලන වේදිකාවේදී මෙය භාවිත කරන අතරම පාලිත පංතිය තමන් ජීවත් වන ගම්මානය තුළ සිය බලය පතුරුවා හැරීමට මෙම බලය භාවිත කරනුයේ, ප්‍රචණ්ඩත්වය විදහා පාමින්ය. මෙම පීඩනය ඉවසීම නොහැකි වූ අවස්ථාවක කුල හීන යැයි සලකන ජනයාගේ නැගිටීමක් සිදු වේ. මෙලෙස කොන් කරන ලද සමාජයක් හා බැඳුණු කතාවක් ලෙස දනුෂ්ගේ රංගනයෙන් තිරගත වූ කර්ණන් චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය. වර්තමානය වනවිට සෑම කෙනෙකුටම පොදු ප්‍රවාහනයේ ගමන් කිරීමේ හැකියාවක් පැවැතිය ද, අතීතයේදී එය එසේ නොවිය. බස් රථ නොමැති ගම්මාන රැසක් තිබුණි. කුලවලට වෙන් වූ මා...

විවාහයේ කටුකබව හොඳින් තේරුම් ගත් තරුණයෙකු ප්‍රේමයේ පැටලුණ අමුතුම කතාව - Pammal K. Sambandam [2002]

Image
මිනිසුන් ලෙස මෙලොව උපත ලබන සියලු දෙනාම නිසි වයස පැමිණීමෙන් අනතුරුව විවාහ විය යුතු බවට සමාජය විසින් නිර්ණායකයක් පනවා තිබේ. ඊට අනුකූලවන නොවන අයට සමාජයෙන් සහ ඔවුන්ගේ පවුලේ අයගෙන් ලැබෙන අවලාදයන් අසීමිතය. විවාහයේ තිබෙන කටුකබව හොඳින් තේරුම් ගත් තරුණයෙකු සහ විවාහයක් සිදු කරගනිමින් පිරිමියෙකුට යටත්ව ජීවත්වීමට අකමැති තරුණියක අතර සිදු වන ගැටුම ආදරය දක්වා වර්ධන වූ ආකාරය සම්බන්ධයෙන් වන කතාවක් හාස්‍ය මුසු කරමින් ඉදිරිපත් කළ චිත්‍රපටියක් ලෙස Pammal K. Sambandam හඳුන්වා දිය හැකිය. චිත්‍රපටියෙහි නළුවන්ගේ සටන් ජවනිකා සඳහා රඟදක්වන ස්ටන්ට් ශිල්පියකු ලෙස කටයුතු කරන පම්මල් කේ. සම්බන්ධම් විවාහය යන වචනයට පවා වෛර කරන්නෙකි. ඔහුගේ නමෙහි ඇති කල්‍යානම් එනම් විවාහය යන කොටසෙහි මුල් අකුර පමණක් සිය නමට එකතු කරගන්න තරමට ඔහු විවාහයට වෛර කරන්නෙකි. එහෙත් ඔහුගේ සහෝදරයා වන ආනන්ද් ඊට හාත්පසින්ම වෙනස් චරිතයකි. ඔහු තරුණියකට ආදරය කර සම්බන්ධම්ට රහසින් විවාහ කර ගත්තේය. එම විවාහයට සාක්ෂිකාරිය ලෙස අත්සන් කරනු ලබන්නේ වෛද්‍යවරියක වන ජානකි ය. ජානකි සහ පම්මල් කේ. යන දෙදෙනාම මාර්ග දෙකක ගමන් කරන්නෝ වෙති. ඔවුන් දෙදෙනාගේ පළමු හමුව සිදු වන...

ගුරුවරයා සිසුන්ගේ මිත්‍රයා ලෙස කටයුතු කිරීමෙන් ඔවුන්ට යහපත් දේ පුරුදු කළ හැකිය - Nammavar 1994 Tamil

Image
  සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන සියලු දෙනාගේම එකම සිහිනය වන්නේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමය. නමුත් මෙරට තුළ පවතින ක්‍රමවේදය යටත් උසස් පෙළ සමත් වන සෑම සිසුවෙකුටම එම වරම හිමි වන්නේ නැත. විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත් පිරිසකට පමණක් එම අවස්ථාව ලැබෙයි. විශ්වවිද්‍යාල ජීවිතය තුළ තිබෙන සුන්දරත්ව සහ කටුකත්වය සම්බන්ධයෙන් එහි අධ්‍යාපනය ලැබුවන් සතුව පවතියි. විශ්වවිද්‍යාල තුළ පවතින දේශපාලනය එහි සිටින සිසුන් සතුව ඇති චින්තනය සම්බන්ධයෙන් විවිධ කාල සීමාවලදී විවිධ වූ නිර්මාණ බිහිවෙමින් පවතියි. එලෙස බිහි වූ නිර්මාණ අතර කාගෙත් මතකයේ රැඳෙන්නේ සීමිත නිර්මාණ සංඛ්‍යාවකි. එවැනි චිත්‍රපටියක් ලෙස 1994 වසරේ තිරගත වූ නම්මවර් (Nammavar) චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය. ඔබ විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා විශ්වවිද්‍යාල වරම් හිමි කරගෙන ඔබේ සිහිනය කරා යාමට තවත් පියවරක් ඉදිරියට තැබුව ද, ඇතුළත් වන විශ්වවිද්‍යාලය තුළ පවතින ක්‍රමයට ඔබට යටත් වීමට සිදු වෙයි. ධනවතුන්ගේ සිසුන් විසින් නිතරම සෙසු සිසුන්ව පාලනය කිරීමට පෙළඹෙයි. එවැනි විශ්වවිද්‍යාලයක පවතින ශිෂ්‍ය සංගම් මැතිවරණ සඳහා ද නිතරම එම ධනවතුන්ගේ දරුවන් ඉදිර...

සැමියා වෙනුවෙන් යුක්තිය ලබාගැනීමට අධිකරණයේ සිට විධායකය දක්වා ගමන් කළ කාන්තාව - Ka/Pae Ranasingam 2020

Image
ලොව තිබෙන බැඳීම් අතරින් වඩාත් උසස් සහ පූජනිය බැඳීම ලෙස අඹු-සැමි සබඳතාවය හඳුන්වා දිය හැක. මේ සම්බන්ධයෙන් වන ආගමික ඉගැන්වීම් ද බොහෝය. මෙම සබඳතාවය සම්බන්ධයෙන් නිර්මාණ බිහි වූයේ අද, ඊයේ නම් නොවේ. යම රජුන් සමඟ සටන් කරන සිය සැමියාගේ ජීවිතය බේරාගත් සාවිත්‍ර සහ කිසිදු වරදක් නොකළ සැමියාට දඬුවම් කිරීම හේතුවෙන් මදුරෛ නගරය ගිනි තැබු කන්නගිගේ කතා මින් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙවැනි වීර කාන්තා චරිතය ලක්ෂයකට වඩා අධික ප්‍රමාණයක් ඔබ මා පය ගසා ඇති පොළොව දැක ඇතිවාට කිසිදු සැකයක් නොමැත. මෙරට තුළ පැවැති අරගලවලදී ද, සිවිල් යුද්ධයෙන් ද, දේශපාලනම කාරණ හේතුවෙන් ද, විදේශ ගතවීම් හරහා ද අහිමි කරගත් සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා රාජ්‍ය ආයතනවලටත්, උසාවියට නිතර ගමන් කරන කාන්තාවන් ගැන අප නිතරම අසා ඇත්තෙමු. කාන්තාවකට සිය සැමියා වෙනුවෙන් මෙතරම් දෙයක් කළ හැකි ද යන පැනය අප තුළ මතු කරනු ලබයි. සාහිත්‍ය කතාවල සිටින සාවිත්‍රි වැනි චරිත අප දෑස් ඉදිරියේ හොල්මන් කරනු ලබන්නේ එවිටය. දේශපාලනඥයින් විසින් මැතිවරණ වේදීකාවල රට සංවර්ධනය කර ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇතැයි වහසි බස් පැවසුව ද, එහි ඇති සත්‍යතාවය සම්බන්ධයෙන් දැනගත...

ග්‍රාමීය සුන්දරත්වයට එකතු වූ දුෂ්කරත්වය සහ නව යොවුන් විය - 16 Vayathinile 1977

Image
ග්‍රාමීය ජන ජීවිතය යැයි පැවසු විට අපගේ මතකයට නැගෙනුයේ සුන්දර කඳු යායකින් යා වූ දැකුම්කළු පරිසරයකින් හෙබි වටපිටාවකි. නාගරික ජීවිතයක් ගත කරන බොහෝ අයට එය දිව්‍ය ලෝකයක් බඳු ඒවාය. නමුත් එහි ඇත්තේ ව්‍යාජ මවාපෑමක් මිස සත්‍යයක් නොවේ. ගමෙහි ගත කරන ජීවිත අතිදුෂ්කරය. එම ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනයා තරම් අහිංසකයින් මෙලොව කිසිම තැනකින් සොයාගත නොහැකිය. එම ප්‍රදේශවල ජීවත් වන සියලු දෙනාම සුදු චරිත පමණය. කළු චරිත කිසිවෙකුත් නැති තරම්ය. යම් හේතුවකින් කළු චරිතයක් ගමෙහි සිටින්නේ නම් ඔහු නගරයෙන් පැමිණි ධනවත් පුද්ගලයකු විය යුතුය. මෙලෙස ජනයා ඉදිරියේ මවා තිබු වීදුරු මාලිගාව විනාශ කර දැමීමේ වගකීම තම කරට ගත් භාරදිරාජා ඊට කමල්හසන්, රජිනිකාන්ත්, ශ්‍රී දේවි යන අයව තම හමුදාවේ සමාජිකයින් ලෙස බඳවා ගත්තේය. එම හමුදාවට ප්‍රථමයෙන් මයිල් (මොණරා) ලෙස නම තැබුව ද අනතුරුව පදිනාරු වයදිනිලේ යනුවෙන් නම තබන ලදි. වයස අවුරුදු 16 යනු නව යොවුන් විය ආරම්භ වන වයස් සීමාව යැයි පැවසීමට හැකිය. එම වයසේදී අප තුළ ඇති වන වෙනස් වීම් සහ අලුත් දේවල් සොයා යාමේ අවශ්‍යතාවයක් මෙන්ම අපගේ ශරීරයේ සිදු වන වෙනස්වීම් කෙරෙහි කුතුහලයක් ඇති වන කාලයකි. ගුරුවර...

ලෝකේ මෙච්චර කෙල්ලො ඉන්නද්දි ඇයි මම ජෙසීට ආදරේ කළේ...? - Vinnaithandi Varuvaya - 2010

Image
අද ඇයගේ විවාහ උත්සවය පැවැත්වෙන දිනයයි, සාමාන්‍යයෙන් මෙලොව උපදින සෑම කෙනෙකුම තමන්ට වඩා එක් පුද්ගලයෙකුට දැඩි ලෙස ආදරය කරයි. මා ද එසේය. ඇයට මාගේ ප්‍රාණයට වඩා ආදරය කළෙමි. අද ඇයගේ විවාහයේ මා සිටිය යුතු තැන වෙනත් කෙනෙකු සිටියි. ඔහු සිටිය යුතු තැන මම සිටිමි. ඇය සුදු පාට වේල් එකත් සමඟින් මා පසු කර ගියේ සුරඟනක් සේය. අප දෙදෙනා අතර නොගැළපීම් බොහෝ තිබුණා. ඇය කතෝලික කෙල්ලෙකි. මම හින්දු කොල්ලෙකි. මගේ ජීවිතය සිනමාවයි. ඇයගේ පවුලේ පිරිස චිත්‍රපටිය නැරඹීම පාපයක් යැයි සිතයි. විශේෂයෙන්ම ඇය මට වඩා වැඩිමල්ය. මංගල පූජාව ආරම්භ වනවිට මම මාගේ සිතින් අතීතයට ගමන් කළෙමි. ඇයව මා දුටු පළමු දිනයේ සිට අවසන් දිනය දක්වා සිදු වූ සියලු සිදුවීම් මාගේ ඇස් තුළ සක්මන් කරන්නට විය. විවාහ චාරිත්‍ර පැවැත්වෙන අතරතුර මීට විරුද්ධ යැයි පැවසීමට මට අවශ්‍ය විය. නමුත් මා අසල සිටි මිතුරාගේ කීම අසා මා කරබාගෙන සිටියෙමි. ප්‍රථමයෙන් ඇයගේ අතින්නත ගැනීමට සූදානමින් සිටි ඔහු විවාහයට එකඟ යැයි පැවසීය. දැන් ඇයගේ වාරයයි. පියතුමා ඇයගෙන් විවාහයට එකඟ දැයි විමසීය. නමුත් එහිදී ඇය ලබා දුන්නේ මා බලාපොරොත්තු නොවු පිළිතුරකි. ඇය ඊට අකමැති බව ප්‍රකාශ කළාය. ඇයට ...

විදුලි පන්දම් ආලෝකයෙන් සිදු වන අපූරු ලිංගික ගනුදෙනුව - Torchlight 2018

Image
ලොව ඇති පැරණිතම රැකියාව කුමක් දැයි යමෙකුගෙන් විමසුවහොත් ඔවුන් විසින් ලබා දෙන පිළිතුර සීයයට සියයක් නිවැරදි වනු ඇත. මෙම වෘත්තීයේ ඉතිහාසය සමාජයේ ආරම්භ දක්වා ගමන් කරයි. මුල් කාලීනව ගණිකා වෘත්තිය ව්‍යාප්ත වූයේ ආගමික මුහුණුවරකින් බව ද සඳහන් වේ. ක්‍රි.පු 6 වන සියවසටත් පෙර සිට ග්‍රීසිය මුල් කරගෙන ආරම්භ වුණා යැයි පැවසෙන ගණිකා වෘත්තිය ඉන්දියාව සහ බටහිර අප්‍රිකානු රටවල් දක්වා ව්‍යාප්තව පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ මෙය සැඟවුණු වෘත්තියක් ලෙස ද පැවැති බවට සාක්ෂි තිබේ. බොහෝ කාන්තාවන් මෙම වෘත්තිය තෝරාගැනීමට දිළිඳුකම, නුගත්කම, ප්‍රේම සබඳතා බිඳ වැටීම, තරඟකාරී ආර්ථික රටාව, ලිංගික ආශාව අධිකවීම සහ විරැකියාව යනු කරුණු හේතු විය හැකිය. මෙලෙස ගණිකා වෘත්තිය තෝරාගන්න කාන්තාවන් සතුව ඇති අතීත කතා බොහෝය. ඔවුන්ගේ අරමුණු එකිනෙක වෙනස්ය. ගණිකාවන්ට ද සිතුම් පැතුම් නොයෙකුත් තිබේ. ඔවුන් ඒ සියල්ල පසෙක තබා විවිධ බාධක හමුවේ තම පවුල වෙනුවෙන් සිය ශරීරය කැප කිරීමට තීරණය කරන තරුණියන් ඔබ මා ජීවත් වන සමාජය තුළ හිසේ කෙස් තරමට සිටිති. ලොව ඇති විශාල රටවල් ගොන්නට ඉන්දියාව එක් වන්නේ, විවිධ ජාතීන්, කුලයන්, ආගම්, සංස්කෘතියන් සහිත රටක් ලෙසය. ...

අමෙරිකානුවන්ට තේ පානය හුරු කිරීම - Miss India 2020

Image
කාන්තා විමුක්තිය එසේ නොමැති නම් කාන්තාවන් මුළුතැන්ගෙයට පමණක් සීමා නොවිය යුතුය යන මතයට ගරු කරන පිරිස අතරින් මා ද කෙනෙකි. ඔවුන්ට ද ජීවිතය ජය ගැනීමට ඔවුන්ගේ සිහින සාර්ථක කරගැනීමට අවස්ථා ලබා දිය යුතුය. ලොව පළමු අගමැතිනිය පත් කළ ශ්‍රී ලංකාව වැනි රටකට කාන්තාවන්ට නිසි තැන ලබාදීම සම්බන්ධයෙන් වෙනම මතක් කර දීමක් අවශ්‍ය නැතැයි සිතමි. කුඩා කළ සිට එවැනි චිත්‍රපටියක් නැරඹීමෙන් ගත් පන්නරය ඊට හේතු විය හැකිය. එමෙන්ම ජීවිතය ජය ගැනීමට වෙහෙස දරණ කාන්තාවන් සම්බන්ධයෙන් වන නිර්මාණ නැරඹීමට මා දැඩි රුචිකත්වයක් දක්වමි. එමෙන්ම තරුණියකට හෝ කාන්තාවකට මූලිකත්ව ලබා දෙමින් පසුගිය කාල සීමාව තුළ ඉන්දිය සිනමාවේ අතිවිශිෂ්ඨ නිර්මාණ රැසක් බිහි විය. ඒ සම්බන්ධයෙන් ද ප්‍රශංසා කළ යුතුය. කාන්තාවක විසින් තනිවම චිත්‍රපටියක් ඇදගෙන යා හැකි ද යන ප්‍රශ්නයට පසුගිය කාලසීමාවලදී තිරගත වූ විවිධ නිර්මාණ හරහා නිසි පිළිතුරක් ලැබුණා යැයි පැවසීමට හැක. එවැනි නර්මාණ ගොඩකට එකතු වූ තවත් නිර්මාණයක් ලෙස “මිස් ඉන්දියා” හඳුන්වා දිය හැකිය. සම්‍යුක්තා යනු මධ්‍යම පංතිය නියෝජනය කර තරුණියකි. ඇයට වැඩිමල් සහෝදරියක සහ සහෝදරයකු විය. මධ්‍යම පංතිය නියෝජනය කරන දර...

දෙවියන්ව පිටතින් නොසොයා ඔබ තුළින්ම සොයන්න - Mookuthi Amman 2020-Tamil

Image
  ආගම , ජාතිය සහ කුලය යන සියල්ලම මේ වනවිට දේශපාලනීකරණය වී අවසන්ය. ආගමික ස්ථානය යම් රටක පාලකයින් පත් කරගන්නා ප්‍රධාන මර්මස්ථානය වී තිබේ. මෙවැනි කාලසීමාවක ආගම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති මහජනයා තුළ වෛරය වපුරමින් ආගමික පූජකවරුන් සිය දේශපාලන සබඳතා වර්ධනය කරමින් , රටෙහි බලය හිමි ආණ්ඩුවට බලපෑම් කරනු ලැබුවේ අද ඊයේ සිට නොවේ. මෙවැනි අතපෙවීම් ඈත අතීතයේ සිට අපට දැකගත හැකි විය. මෙලෙස පූජකරුවන් ධර්මය යැයි පවසා අධර්මය රජ කරවන සමයක ධර්ම සාකච්ඡාවක අවශ්‍යතා පැහැදිලිව මතුවෙමින් තිබෙන අවස්ථාවක එවැනි සාකච්ඡාවක් සඳහා මුල පිරු චිත්‍රපටියක් ලෙස මූකුත්ති අම්මන් ( Mookuthi Amman) හඳුන්වා දිය හැකිය.   මාධ්‍යවේදීයෙකු සතු වූ සමාජ වගකීම අසීමිතය. ඒ වෙනුවෙන් ඔහු විසින් සිදු කරනු ලබන කැපවීම හුදු වචනවලට සීමා කළ නොහැකිය. වර්තමානයේ පවතින ධනවාදී ආර්ථික ක්‍රමයත් සමඟ ජනමාධ්‍ය ව්‍යාපාරික ස්ථාන බවට පත්ව ඇත. එම නිසාම ජනමාධ්‍ය සිය සමාජ වගකීම පසෙකලා සිය පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටිති. එවැනි පසුබිමක ඒංගල්ස් රාමසාමි නමැති මාධ්‍යවේදීයා තමන් ජීවත් වන ගම්මානය අවට සිදු වන මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලය...

මුහුදු රළ නවතිනතුරා නැගෙයි ප්‍රේමයේ රළ - Alaigal Oivathillai 1981 [ Tamil ]

Image
මෙලොව සාහිත්‍ය බිහි වූ දින සිට අද දක්වා ජනයා ඉතා කැමත්තෙන් රසවිඳින මාතෘකාවක් තිබේ නම් එය ප්‍රේමයයි. මේ සම්බන්ධයෙන් කොපමණ නිර්මාණ බිහි වූව ද ඊට ලැබුණු ප්‍රතිචාරයන්හි අඩුවක් නොවිය. ප්‍රේමය විඳීමට ආගම්, භාෂා, ජාති, කුල වයස් භේදයක් නැත. කෙසේ වෙතත්, මිනිසා විසින් ජීවත්වීම සඳහා ඇති කරගත් සමහර නිර්ණායක පවා මෙවැනි ප්‍රේම වෘත්තාන්ත හරහා දැඩි ලෙස විවේචනය කරනු ලැබු අවස්ථා ද දැක ගත හැකිය. එහෙත් මෙලෙස බිහි වන නිර්මාණ අතුරෙන් කාලාන්තරයක් මතකයේ තිබෙන්නේ එහි ඇති සුවිශේෂි ලක්ෂණ හේතුවෙන්ය. එලෙස බොහෝ පිරිසකගේ මතකයේ තවමත් රැඳි තිබෙන චිත්‍රපටියක් ලෙස 1981 වසරේදී තිරගත වූ  අලෛගල් ඕයිවදු ඉල්ලෛ (Alaigal Oivathillai) චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය. නව යොවුන් විය යනු ආදරය සොයා යන වයස් සීමාවකි. එම වයසේ සිටින තරුණ තරුණියන්ට ඉහත සඳහන් කළ සීමාවන් සම්බන්ධයෙන් කිසිදු තැකීමක් ද නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ප්‍රේමය පමණය. විච්චු යනු දුප්පත් හින්දු පවුලක තරුණයෙකි. ඔහුගේ මව ගමෙහි සිටින දරුවන්ට සංගීතය උගන්වමින් සිය ජීවිකාව ගෙන යමින් සිටියයා. එම ගම්මානෙහි ජීවත් වූ ධනවත් කතෝලික ආගමිකයෙකු වන ඩේවිඩ් නැගණිය වන මේරි සහ විච්චු අතර ...