Posts

Showing posts with the label Ganesalingan

යුගයක නිමාවක් සනිටුහන් කළ සෙ. ගනේෂලිංගන්

Image
  කලාව, සාහිත්‍ය, නාට්‍ය, ජනමාධ්‍ය, අස්පර්ශනීයත්වය, සූරාකෑම, ප්‍රචණ්ඩත්වය, වධහිංසා, දරුවන්ට සිදු වන හිංසා, කාන්තාවන්ට සිදු වන හිංසා, ආධිපත්‍යවාදය, වාර්ගික අර්බුදය යන කරුණු මෙරට දෙමළ ජනයාගේ සමාජ ජීවිතය සමඟ බැඳි තිබෙන ඛේදවාචක වේ. කාර්මිකරණය, නාගරීකරණය සහ නවීනකරණය හේතුවෙන් මිනිස් ශ්‍රමය සූරාගෙන කන ආර්ථික ක්‍රමයක් මෙරට තුළ නිර්මාණ විය. තව ද පාරිභෝගික සංස්කෘතිය, මානව විරෝධී ප්‍රවණතාවය, බහුජාතික සමාගම්වල ආධිපත්‍ය, නුතන අධිරාජ්‍යවාදි සූරාකෑමේ සහ ගෝලීයකරණය යන නාමයෙන් සිදු වන අරාජිකත්වයන් සම්බන්ධයෙන් දැඩි විවේචන සිදු කළ ලේඛකයෙකු ලෙස සෙ. ගනේෂලිංගන් ව මහචාර්ය සී. තිල්ලෛනාදන් තම අධ්‍යයනයක පෙන්වා දී තිබේ.  සෙ. ගනේෂලිංගන් 1928 වසරේ මාර්තු මස 09 වනදා යාපනයේ, උරුම්පිරායි හිදී ක. සෙල්ලයියා - රාසම්මා යුවලගේ දෙවන පුත්‍ර රත්නය ලෙස උපත ලැබුවේ ය.  ඔහු සිය ප්‍රාථමික අධ්‍යයන කටයුතු උරුම්පිරායි ග්‍රාමයෙහි පිහිටා තිබු කතෝලික පාසලක සිදු කළ අතර හය වන ශේණිය සඳහා චනද්‍රෝදය විද්‍යාලයට ඇතුළත් විය. අනතුරුව යාපනය පරමේශ්වරා විද්‍යාලයට ඇතුළත් වී එහි දී එච්.එස්.සී විභාගයත් ලන්ඩන් මෙට්ටි්‍රකුලේෂන් විභාගයත් සම...