කොන් කළ සමාජයක අඳෝනාව - Karnan (2021) - Tamil
මිනිසාට උපතින්ම ජාතියක්, ආගමක් සහ කුලයක් හිමිය. ඒවා උසස් ද පහත් ද යන්න වර්ග කිරීමට පවතින සමාජ ක්‍රමයට භාරදී ඇත. මුලදී මිනිසුන් සිදු කර කරන රැකියාව මත කුලය තීරණය වූව ද, පසුකාලීනව එය දේශපාලන බලය පතුරුවා හැරීමට භාවිත කරන ලදි. මහභාරතය වැනි සාහිත්‍ය කෘතිවලදී කුලය සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කර තිබීම දැකගත හැකිය. එහිදී කුල හීන අයට විවිධ වරප්‍රසාද අහිමි කරවීම් දැකගත හැකිව තිබේ. කෙසේ වෙතත් වර්තමානය වනවිට කුලය නමැති සාධකය සිය දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට භාවිත කරන ආකාරයක් දැකගත හැකිය. එමෙන්ම පාලන පංතිය සිය දේශපාලන වේදිකාවේදී මෙය භාවිත කරන අතරම පාලිත පංතිය තමන් ජීවත් වන ගම්මානය තුළ සිය බලය පතුරුවා හැරීමට මෙම බලය භාවිත කරනුයේ, ප්‍රචණ්ඩත්වය විදහා පාමින්ය. මෙම පීඩනය ඉවසීම නොහැකි වූ අවස්ථාවක කුල හීන යැයි සලකන ජනයාගේ නැගිටීමක් සිදු වේ. මෙලෙස කොන් කරන ලද සමාජයක් හා බැඳුණු කතාවක් ලෙස දනුෂ්ගේ රංගනයෙන් තිරගත වූ කර්ණන් චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය. වර්තමානය වනවිට සෑම කෙනෙකුටම පොදු ප්‍රවාහනයේ ගමන් කිරීමේ හැකියාවක් පැවැතිය ද, අතීතයේදී එය එසේ නොවිය. බස් රථ නොමැති ගම්මාන රැසක් තිබුණි. කුලවලට වෙන් වූ මා...