Posts

Showing posts with the label Sri Lanka

1981 දෙමළ සාහිත්‍ය සංහාරය | සහෘදස්පන්දන මැයි - ජූනි කාලපය 2022

Image
  එන්.සරවනන් විසින්   Namathu Malayagam  වෙබ් අඩවියේ 2021 වසරේ දී පළ කරන ලද ලිපියේ සිංහල පරිවර්තනය. පරිවර්තනය - ජෙගන් ගනේෂන්  ‘යම් ජනවර්ගයක් විනාශ කිරීමට නම් ඔවුන්ගේ ඉතිහාස සටහන් සහ අනන්‍යතාවය විනාශ කරනු’ යනුවෙන් කියමනක් ඇත. උතුරේ, විශේෂයෙන් යාපනය ජනයාගේ බුද්ධිමය උරුමයක් ලෙස සැලකූ යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කිරීම ඉතිහාසයේ කිසිදු දිනක ඉවත් කළ නොහැකි කළු පැල්ලමක් ලෙස පවතියි. තම දෙමළ සම්ප්‍රදායික කරුණු, ඉතිහාස සටහන් සංරක්ෂණය කර තිබු පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ද එය සැලකුණි. නැවත ලබා ගත නොහැකි විරල ග්‍රන්ථ, සියවස් ගණනක් ඉපැරණි පුස්කොළපොත් ද එහි සංරක්ෂණය කර තිබුණි. යාපනය පුස්තකාලය රජය විසින් ඉදි කරන ලද්දක් නොවේ. එය එකල සිටි දෙමළ විද්වතුන් විසින් නිර්මාණය කර, පසුකාලීන ව යාපනය නගර සභාව වෙත භාර දෙන ලද්දකි.  70 දශකයේ අග භාගයේ දී උතුරු - නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා කැණීම් යන නමින් හමුවන සියල්ල සාක්ෂියක් ලෙස භාවිත කරමින් උතුරු - නැගෙනහිර දෙපළාත සිංහල ජනයාගේ භූමියක් ලෙස ප්‍රකාශ කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර තිබුණි. දෙමළ ජනයාගේ නිජබිම් අයිතිය ප්‍රතික්ෂේප කි...

සෑම තැනකදීම අසාධාරණයට ලක් වූ වතුකරයේ ජනයාගේ සිනමාවක අවශ්‍යතාවය - Video

Image
මෑතකදී දෙමළ සිනමාවට කිසිදු සම්බන්ධයක් නොමැති එක් ස්වාධීන ගීතයක් දෙමළ රසිකයින් මෙන්ම තවත් බොහෝ අය මිමුණු ගීතයක් ලෙස ලෙස “කුක්කූ... කුක්කූ... එංජාමි... එංජාමි...” ලෙස ආරම්භ වන ගීතය හඳුන්වා දිය හැකිය.   “වීදි හඬ” යනුවෙන් සමාන්‍ය ජනයාගේ ජීවිකාව ගීයක් බවට පත් කළ ගායකයෙකු ලෙස රැප් ගායක අරිවුව හඳුන්වා දිය හැකිය. ඉන්දිය සිනමාවේ සිටින සංගීත අධ්‍යක්ෂවරයෙකු වන සන්තෝෂ් නාරායනන්ගේ සංගීතයෙන් සහ ශ්‍රී ලාංකේය සම්භවයක් තිබෙන ගායිකාවක වන සන්තෝෂ් සුබ්‍රමණියම්ගේ දියණියක වන ‘දී’ නොහොත් දීක්ෂිතා වෙන්කඩේෂන් සමඟ එක්ව අරිවු ද මෙම ගීතය ගායනා කර තිබේ. මෙහි පද්‍ය රචනය ද අරිවු විසින් සිදු කර තිබීම විශේෂත්වයකි.   මෙම ගීතය ජනයා අතර වඩාත් ප්‍රචලිත වීමට මෙහි භාවිත කර ඇති සංගීත රටාවත්, ගායිකාවගේ හඬත් , ගීතයෙහි ඇති පද පෙළත් හේතුවක් ලෙස පැවසීය හැකිය. සංගීත අධ්‍යක්ෂවරුන් වන ඒ.ආර් රහුමාන් සහ සන්තෝෂ් නාරායනන් මෙන්ම චිත්‍රපටි අධ්‍යක්ෂ පා. රංජිත් යන අය විසින් ස්වාධීන ගීත ප්‍රවර්ධනය කිරීමට පිහිටුවා ඇති ‘මජා’ නමැති සංගීත වේදිකාව හරහා අදාළ ගීතයේ නිෂ්පාදන කටයුතු කර තිබේ. ඒ හේතුවෙන්ම මෙය රසිකයින් බොහෝමයක් වැළඳගත් බව ද...

අතුරුදන් වූ පුතාව සොයා හිස් ලූ අත ඇවිදින පියා

Image
තමන් මිය ගිය පසුව අවසන් කටයුතු කිරීමට පුතෙකු අවශ්‍ය යැයි සිතු දෙමාපියන් පුතෙකු බිහි කිරීම සිය ඒකායන අරමුණ කරගෙන සිටියහ. පුතෙකු බලාපොරොත්තුවෙන් ගැහැනු දරුවන් කිහිප දෙනෙකු සිටිය ද, තවත් දරුවන් වැදු දෙමාපියන් ගැන අප අනන්තවත් අසා ඇත්තෙමු. අදාළ කාරණය ඈත අතීතයේ සිට පවතින්නක් විය. අතීතයේ දෙමාපියන් මිය ගිය පසුව ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කරන ලැබුවේ පුතා විසින්ය. එකල සමාජය තුළ කාන්තාවන්ට නොඑසේ නම් දියණියන්ට සොහොන තුළ පැමිණීමට තහංචි පනවා තිබුණි. අදටත් ඈත පිටිසර ගම්වල මෙය ක්‍රියාත්මකය. ඊට හේතුව කුමක් දැයි මා නොදනිමි. ප්‍රශ්න නොඅසා එකඟවී සිදු කරන ක්‍රියාවන්වලට අප සම්ප්‍රදාය යැයි කියමු. මෙය ද එවැනි සාම්ප්‍රදායික දෙයකි. මෙලෙස දෙමාපියන්ගේ අවසන් කටයුතු කිරීමට සිටින පුත්‍රයා ඔවුන්ට පෙර මිය ගියහොත් එසේ නොමැති නම් අතුරුදන් වූවහත් ඔවුන්ට දැනෙන හැඟීම කෙබඳු වනු ඇති ද..? ඔවුන් තම පුත්‍රයා සොයා හිස හැරුණු අත ඇවිද යනු ඇත. එවැනි පියෙකුගේ ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයෙහි යම් කතා බහක් නිර්මාණය කර තිබුණි. එය පොත්තුවිල් සිට පුලිකන්ඩි දක්වා උතුරේ දේශපාලනඥයින් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කර තිබු විරෝධ...

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිය ජීවිතය කැප කළ 18 හැවිරිදි රාජස්වර්ණම් සෙන්දූරන්

Image
  තොරතුරු දැනගැනීම මිනිසාගේ අයිතිවාසිකමකි. අනාගතයේදී එය  මූලික අවශ්‍යතා අතරට එක් කරනු ලැබුව ද ඒ සම්බන්ධයෙන් පුදුම විය යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ පවා යම් යම් අවස්ථාවල ෆැසිස්ට් ලක්ෂණ මතු වන අවස්ථා දැකිය හැකිය. මා අධ්‍යයනය කර ඇති ආකාරයට අනුව මෙරට ප්‍රථම වරට ආණ්ඩුවක් විසින් මාධ්‍ය වාරණයක් පනවනු ලැබුවේ 1958 වර්ෂයේදීය. ඒ සිංහල දෙමළ කෝලාහලය පැවති කාල සීමාවේදීය. එම වසරේදී හදිසි නීතිය ප්‍රකාශ කරමින් මාධ්‍ය වාරණයට රජය කටයුතු කර තිබුණි. මේ වනවිට ආණ්ඩුව විසින් මාධ්‍ය වාරණයට සෘජුව දායක නොවුන ද ආණ්ඩුවට සහය දෙනු ලබන කණ්ඩායම් විසින් තම න්‍යාය පත්‍රවලට අනුව පුවත් වාරණයක යෙදීම දැකගත හැකිය. පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක වූ අවස්ථාවකදී පවා තොරතුරු දැනගැනීමට වාරණ පැනවූ අවස්ථා අසීමිතය. 2015 වසරේදී බලයට පැමිණි යහපාලන රජයෙන් බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් තම ජීවිතය කැප කළ රාජස්වර්ණම් සෙන්දූරන්ගේ පස්වන වර්ෂ පූර්ණය ඊයේ (26) දිනයට යෙදි තිබුණි. මේ සම්බන්ධයෙන් මා තැබු කෙටි සටහනකට ලැබුණ ප්‍රතිචාර හේතුවෙන් මෙම සටහන ලිව...

යුද්ධය අවසන් කරලා පිට්ටු කාපු උතුරේ අයට අපි පීට්සා කන්න කන්න අවසර දුන්නා... - පිට්ටුවලට හොඳම ආදේශකය පීට්සා ද....?

Image
අපි යුද්ධය අවසන් කරලා පිට්ටු සමඟ වඬේ කමින් හිටිය උතුරේ අයට පිට්සා කන්න දුන්නා කියලා හෙන උජාරුවට පසුගිය දා යාපන මූලස්ථාන පොලිස් නිලධාරියා උසාවියේදී කිව්වා. බොහෝ පිරිස් අදාළ ප්‍රකාශයට උසාවියේදී ද විරුද්ධත්වය ප්‍රකාශ කරලා තිබුණා. පිට්ටු ටිකක් තම්බලා දවසක් පරණ මිරිස් මාළුවකුත් එක්ක කද්දී දැනෙන ඔය රස පීට්සාවලින් ලැබෙන්නේ නෑ හිතවතුනේ... 😍 එහෙමත් නැත්නම් භාගයට බැදපු බිත්තරයකට ගම්මිරිස් ටිකක් වැඩියෙන් දාලා කහ මදය සමඟ අනලා පිට්ටු කද්දී දැනෙන රස... ❤️ බුදු අම්මෝ... ඒක කියන්න වචන නෑ.. ඒ නිසාම පිට්ටු කන්න පුළුවන් ක්‍රම ගැන කියන්න හිතුණා.  පිට්ටු සමඟ අඹ පිට්ටු සමඟ වරකා පිට්ටු සමඟ කෙසෙල් පිට්ටු සමඟ කරවල පිට්ටු සමඟ කකුළුවන් පිට්ටු සමඟ ඉස්සෝ ව්‍යාංජනය / බැදුමක් පිට්ටු සමඟ කුකුල් මස් පිට්ටු සමඟ එළු මස් පිට්ටු සමඟ මාළු ව්‍යාංජනය පිට්ටු සමඟ දැල්ලෝ  පිට්ටු සමඟ බිත්තර බැදුමක් පිට්ටු සමඟ සැමන් පිට්ටු සමඟ අමු මිරිස් සම්බෝලය පිට්ටු සමඟ වම්බටු බැදුම පිට්ටු සමඟ අර්තාපල් බැදුම පිට්ටු සමඟ ළුෑණු බැදුම පිට්ටු සමඟ උළුහාල් ව්‍යාංජනය  පිට්ටු සමඟ සම්බාර් පිට්ටු සමඟ තක්කාලි ව්‍යාංජනය පිට්ටු සමඟ හකුරු පිට්...