පිළිතුරක් නොලැබෙන පැනයකට පිළිතුරු සොයන ජනයාගේ කතාව - The Sixth Land
ශ්‍රී ලංකාවට පෙරදිග මුතු ඇටය යනුවෙන් හඳුන්වනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න මා නොදනිමි. නමුත් ඒ නම සහ ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ජනයා අතර විශාල සබඳතාවයක් තිබේ. අප මුතු සොයා යා යුතුය. එලෙසම මෙරට සිටින ජනයා ද විවිධ කාලවලදී, නොයෙකුත් දේවල් සොයා ඇවිදහ. විරෝධතා, උපවාස සිදු කළහ. යම් සෙවීම්වල සාර්ථක ප්‍රතිඵල ලැබුණ ද, ඇතැම් සෙවීම්, සෙවීම් පමණක්ම විය. සෙවීම පමණක් ජීවිතය කරගත් 90,000කට ආසන්න පිරිසකගේ එක් කතාවක් ලෙස අනන්ත රමනන්ගේ අධ්‍යක්ෂණයෙන්, නවයුගා සහ බාක්සී ඇතුළු පිරිසගේ රංගනයෙන් 2020 වසරේ දී තිරගත වූ ආරම් නිලම් (The Sixth Land) චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය. මෙරට තුළ දශක තුනකට ආසන්න කාලයක් පැවැති සිවිල් අරගලය නිමාවට පත්ව මේ වනවිට වසර 12ක් ගතවී තිබේ. එහෙත් එම අරගලයෙන් පරාජයට පත් වූ ජනයා දෛනිකව මුහුණ දෙන අරගල රාශීයක් තිබේ. ඒ අතර අතුරුදන් වූ තම ඥාතීන් සොයා යාම ද මොවුන්ගේ ජීවිතයේ එක් අංගයක් බවට පත්ව තිබේ. අතුරුදන් වූ තම සැමියා සොයා යන බිරිඳ සහ පියාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින දියණියක් වටා ගෙතුණ කතාවකි මෙම චිත්‍රපටිය. මෙය එක් අයෙකුගේ කතාවක් වූව ද, මෙලෙස ජීවිතය ගත කරන 90,000කට ආසන්න පිරිසක් උතුරු...