නොපැතු නිවන - ජෙයබාලන්







පත්‍ර ගැලවි යන වනයේ

මා කුමන පත්‍රයට මාගේ සංවේගය පවසන්න ද

සුනාමි අනතුරු ඇඟවීම ඇසි

කඳු, කැළෑ පසු කර මුහුදු වෙරළට දිව ආ කවියෙකි මා

මිනී කනත්තක් වූ මේ වැලි පොළොවේ

කුමන මිනී වලට, මා රැගෙන ආ පුෂ්පයන් පුදන්න ද

කා හට නිවන පතන්න ද

මෙලොව ඇති විශාලතම සුසාන භූමිය කුමක් ද..?

දහස් ගණනින් වූ අධිරාජ්‍යයන් විනාශ කර

නව ධජයන් ඔසවා සිදු කරන පාලන ක්‍රමයයි

වනය මැද බැට කෑ සර්පයින් ලෙස

විනාශ වූ අපගේ දැරිවියන්ගේ ශාපයන් මා හට හඬ ගසයි

කුමන ශාපයට මා බිලි වෙම්දෝ

සංචාරක පක්ෂීන්ගේ

හඬ මැකි ගිය පසුව

හිස් වනාන්තර ගී ගයයි

ඉතිහාසය මල් ඵල ගන්වනු ඇත

කවිය - ජෙයබාලන් (பாடா அஞ்சலி)

පරිවර්තනය - ජෙගන් ගනේෂන්


Comments

Popular posts from this blog

මුහුදු රළ නවතිනතුරා නැගෙයි ප්‍රේමයේ රළ - Alaigal Oivathillai 1981 [ Tamil ]

පිළිතුරක් නොලැබෙන පැනයකට පිළිතුරු සොයන ජනයාගේ කතාව - The Sixth Land