Posts

විවාහයේ කටුකබව හොඳින් තේරුම් ගත් තරුණයෙකු ප්‍රේමයේ පැටලුණ අමුතුම කතාව - Pammal K. Sambandam [2002]

Image
මිනිසුන් ලෙස මෙලොව උපත ලබන සියලු දෙනාම නිසි වයස පැමිණීමෙන් අනතුරුව විවාහ විය යුතු බවට සමාජය විසින් නිර්ණායකයක් පනවා තිබේ. ඊට අනුකූලවන නොවන අයට සමාජයෙන් සහ ඔවුන්ගේ පවුලේ අයගෙන් ලැබෙන අවලාදයන් අසීමිතය. විවාහයේ තිබෙන කටුකබව හොඳින් තේරුම් ගත් තරුණයෙකු සහ විවාහයක් සිදු කරගනිමින් පිරිමියෙකුට යටත්ව ජීවත්වීමට අකමැති තරුණියක අතර සිදු වන ගැටුම ආදරය දක්වා වර්ධන වූ ආකාරය සම්බන්ධයෙන් වන කතාවක් හාස්‍ය මුසු කරමින් ඉදිරිපත් කළ චිත්‍රපටියක් ලෙස Pammal K. Sambandam හඳුන්වා දිය හැකිය. චිත්‍රපටියෙහි නළුවන්ගේ සටන් ජවනිකා සඳහා රඟදක්වන ස්ටන්ට් ශිල්පියකු ලෙස කටයුතු කරන පම්මල් කේ. සම්බන්ධම් විවාහය යන වචනයට පවා වෛර කරන්නෙකි. ඔහුගේ නමෙහි ඇති කල්‍යානම් එනම් විවාහය යන කොටසෙහි මුල් අකුර පමණක් සිය නමට එකතු කරගන්න තරමට ඔහු විවාහයට වෛර කරන්නෙකි. එහෙත් ඔහුගේ සහෝදරයා වන ආනන්ද් ඊට හාත්පසින්ම වෙනස් චරිතයකි. ඔහු තරුණියකට ආදරය කර සම්බන්ධම්ට රහසින් විවාහ කර ගත්තේය. එම විවාහයට සාක්ෂිකාරිය ලෙස අත්සන් කරනු ලබන්නේ වෛද්‍යවරියක වන ජානකි ය. ජානකි සහ පම්මල් කේ. යන දෙදෙනාම මාර්ග දෙකක ගමන් කරන්නෝ වෙති. ඔවුන් දෙදෙනාගේ පළමු හමුව සිදු වන...

ගුරුවරයා සිසුන්ගේ මිත්‍රයා ලෙස කටයුතු කිරීමෙන් ඔවුන්ට යහපත් දේ පුරුදු කළ හැකිය - Nammavar 1994 Tamil

Image
  සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන සියලු දෙනාගේම එකම සිහිනය වන්නේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමය. නමුත් මෙරට තුළ පවතින ක්‍රමවේදය යටත් උසස් පෙළ සමත් වන සෑම සිසුවෙකුටම එම වරම හිමි වන්නේ නැත. විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත් පිරිසකට පමණක් එම අවස්ථාව ලැබෙයි. විශ්වවිද්‍යාල ජීවිතය තුළ තිබෙන සුන්දරත්ව සහ කටුකත්වය සම්බන්ධයෙන් එහි අධ්‍යාපනය ලැබුවන් සතුව පවතියි. විශ්වවිද්‍යාල තුළ පවතින දේශපාලනය එහි සිටින සිසුන් සතුව ඇති චින්තනය සම්බන්ධයෙන් විවිධ කාල සීමාවලදී විවිධ වූ නිර්මාණ බිහිවෙමින් පවතියි. එලෙස බිහි වූ නිර්මාණ අතර කාගෙත් මතකයේ රැඳෙන්නේ සීමිත නිර්මාණ සංඛ්‍යාවකි. එවැනි චිත්‍රපටියක් ලෙස 1994 වසරේ තිරගත වූ නම්මවර් (Nammavar) චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය. ඔබ විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා විශ්වවිද්‍යාල වරම් හිමි කරගෙන ඔබේ සිහිනය කරා යාමට තවත් පියවරක් ඉදිරියට තැබුව ද, ඇතුළත් වන විශ්වවිද්‍යාලය තුළ පවතින ක්‍රමයට ඔබට යටත් වීමට සිදු වෙයි. ධනවතුන්ගේ සිසුන් විසින් නිතරම සෙසු සිසුන්ව පාලනය කිරීමට පෙළඹෙයි. එවැනි විශ්වවිද්‍යාලයක පවතින ශිෂ්‍ය සංගම් මැතිවරණ සඳහා ද නිතරම එම ධනවතුන්ගේ දරුවන් ඉදිර...

සෙක්ස් කියන්නේ අසභ්‍ය දෙයක් නෙවෙයි - Mastram Tv Series 2020

Image
සෙක්ස් යන්න අසභ්‍ය දෙයක් නොවන බවත්, එය අපහාස අර්ථයකින් භාවිත කිරීම අසභ්‍ය දෙයක් වන බවත්, Chinthana Dharmadasa පසුගිය දිනක සිය සටහනක් දක්වා තිබුණේය. මා ද එම ප්‍රකාශය සමඟ එකඟ වෙමි. තාක්ෂණික දියුණුවක් සමඟින් අපට අවශ්‍ය කරුණුකාරණා ඇඟිලි තුඩ මත රැඳි තිබුණ ද, අප 2021 වසරට පිය තබා තිබුණ ද සෙක්ස් යනු තවමත් අපට මැජික් එකකි. වර්තමානයේදීත් එය මැජික් එකක් වූවා නම් 80 දශකයේ සෙක්ස් කියන කාරණාවේ තත්ත්ව කෙබඳු විය හැකි ද.? එම දශකයේ ජීවත් වූවන් සතුව එම අත්දැකීම් එමටය. අදාළ කාලසීමාව තුළ වර්තමානයේ මෙන් විවිධ වෙබ් අඩවි නොතිබු අතර එම දිනවල කා අතරත් සුප්‍රසිද්ධව තිබුණේ සගරා හෝ පොත්ය. ඒවා මිලදී ගැනීමට බොහෝ පිරිස් අසීමිත ලෙස කටු කෑහ. අපගේ ටියුෂන් ගුරුවරුන් ඉඳ හිට මෙවැනි අතීත කතා ද අපට පවසා තිබේ. එම කාලයේදී ඔවුන් පොතක් මිලදී ගැනීමට පිටකොටුව පුරා රබර් සෙරෙප්පු කුට්ටම ගෙවෙනතුරු ඇවිද ඇත. නමුත් අද තරුණ පරපුරට එවැනි අත්දැකීමක් නැතැයි මා විශ්වාස කරමි. ඒ ඔවුන්ට අවශ්‍ය දෑ මේ වනවිට දුරකතනයකින් ලබා ගැනීමේ හැකියාව පවතින නිසාය. එහෙත් වීඩියෝවකින් ලැබෙන ආස්වාදයට වඩා පොතකින් ලැබෙන ආස්වාදය අසීමිතය. එහි අදාළ පාඨකයාට චිත්තරූප මව...

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිය ජීවිතය කැප කළ 18 හැවිරිදි රාජස්වර්ණම් සෙන්දූරන්

Image
  තොරතුරු දැනගැනීම මිනිසාගේ අයිතිවාසිකමකි. අනාගතයේදී එය  මූලික අවශ්‍යතා අතරට එක් කරනු ලැබුව ද ඒ සම්බන්ධයෙන් පුදුම විය යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ පවා යම් යම් අවස්ථාවල ෆැසිස්ට් ලක්ෂණ මතු වන අවස්ථා දැකිය හැකිය. මා අධ්‍යයනය කර ඇති ආකාරයට අනුව මෙරට ප්‍රථම වරට ආණ්ඩුවක් විසින් මාධ්‍ය වාරණයක් පනවනු ලැබුවේ 1958 වර්ෂයේදීය. ඒ සිංහල දෙමළ කෝලාහලය පැවති කාල සීමාවේදීය. එම වසරේදී හදිසි නීතිය ප්‍රකාශ කරමින් මාධ්‍ය වාරණයට රජය කටයුතු කර තිබුණි. මේ වනවිට ආණ්ඩුව විසින් මාධ්‍ය වාරණයට සෘජුව දායක නොවුන ද ආණ්ඩුවට සහය දෙනු ලබන කණ්ඩායම් විසින් තම න්‍යාය පත්‍රවලට අනුව පුවත් වාරණයක යෙදීම දැකගත හැකිය. පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක වූ අවස්ථාවකදී පවා තොරතුරු දැනගැනීමට වාරණ පැනවූ අවස්ථා අසීමිතය. 2015 වසරේදී බලයට පැමිණි යහපාලන රජයෙන් බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් තම ජීවිතය කැප කළ රාජස්වර්ණම් සෙන්දූරන්ගේ පස්වන වර්ෂ පූර්ණය ඊයේ (26) දිනයට යෙදි තිබුණි. මේ සම්බන්ධයෙන් මා තැබු කෙටි සටහනකට ලැබුණ ප්‍රතිචාර හේතුවෙන් මෙම සටහන ලිව...

යුද්ධය අවසන් කරලා පිට්ටු කාපු උතුරේ අයට අපි පීට්සා කන්න කන්න අවසර දුන්නා... - පිට්ටුවලට හොඳම ආදේශකය පීට්සා ද....?

Image
අපි යුද්ධය අවසන් කරලා පිට්ටු සමඟ වඬේ කමින් හිටිය උතුරේ අයට පිට්සා කන්න දුන්නා කියලා හෙන උජාරුවට පසුගිය දා යාපන මූලස්ථාන පොලිස් නිලධාරියා උසාවියේදී කිව්වා. බොහෝ පිරිස් අදාළ ප්‍රකාශයට උසාවියේදී ද විරුද්ධත්වය ප්‍රකාශ කරලා තිබුණා. පිට්ටු ටිකක් තම්බලා දවසක් පරණ මිරිස් මාළුවකුත් එක්ක කද්දී දැනෙන ඔය රස පීට්සාවලින් ලැබෙන්නේ නෑ හිතවතුනේ... 😍 එහෙමත් නැත්නම් භාගයට බැදපු බිත්තරයකට ගම්මිරිස් ටිකක් වැඩියෙන් දාලා කහ මදය සමඟ අනලා පිට්ටු කද්දී දැනෙන රස... ❤️ බුදු අම්මෝ... ඒක කියන්න වචන නෑ.. ඒ නිසාම පිට්ටු කන්න පුළුවන් ක්‍රම ගැන කියන්න හිතුණා.  පිට්ටු සමඟ අඹ පිට්ටු සමඟ වරකා පිට්ටු සමඟ කෙසෙල් පිට්ටු සමඟ කරවල පිට්ටු සමඟ කකුළුවන් පිට්ටු සමඟ ඉස්සෝ ව්‍යාංජනය / බැදුමක් පිට්ටු සමඟ කුකුල් මස් පිට්ටු සමඟ එළු මස් පිට්ටු සමඟ මාළු ව්‍යාංජනය පිට්ටු සමඟ දැල්ලෝ  පිට්ටු සමඟ බිත්තර බැදුමක් පිට්ටු සමඟ සැමන් පිට්ටු සමඟ අමු මිරිස් සම්බෝලය පිට්ටු සමඟ වම්බටු බැදුම පිට්ටු සමඟ අර්තාපල් බැදුම පිට්ටු සමඟ ළුෑණු බැදුම පිට්ටු සමඟ උළුහාල් ව්‍යාංජනය  පිට්ටු සමඟ සම්බාර් පිට්ටු සමඟ තක්කාලි ව්‍යාංජනය පිට්ටු සමඟ හකුරු පිට්...

සැමියා වෙනුවෙන් යුක්තිය ලබාගැනීමට අධිකරණයේ සිට විධායකය දක්වා ගමන් කළ කාන්තාව - Ka/Pae Ranasingam 2020

Image
ලොව තිබෙන බැඳීම් අතරින් වඩාත් උසස් සහ පූජනිය බැඳීම ලෙස අඹු-සැමි සබඳතාවය හඳුන්වා දිය හැක. මේ සම්බන්ධයෙන් වන ආගමික ඉගැන්වීම් ද බොහෝය. මෙම සබඳතාවය සම්බන්ධයෙන් නිර්මාණ බිහි වූයේ අද, ඊයේ නම් නොවේ. යම රජුන් සමඟ සටන් කරන සිය සැමියාගේ ජීවිතය බේරාගත් සාවිත්‍ර සහ කිසිදු වරදක් නොකළ සැමියාට දඬුවම් කිරීම හේතුවෙන් මදුරෛ නගරය ගිනි තැබු කන්නගිගේ කතා මින් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙවැනි වීර කාන්තා චරිතය ලක්ෂයකට වඩා අධික ප්‍රමාණයක් ඔබ මා පය ගසා ඇති පොළොව දැක ඇතිවාට කිසිදු සැකයක් නොමැත. මෙරට තුළ පැවැති අරගලවලදී ද, සිවිල් යුද්ධයෙන් ද, දේශපාලනම කාරණ හේතුවෙන් ද, විදේශ ගතවීම් හරහා ද අහිමි කරගත් සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා රාජ්‍ය ආයතනවලටත්, උසාවියට නිතර ගමන් කරන කාන්තාවන් ගැන අප නිතරම අසා ඇත්තෙමු. කාන්තාවකට සිය සැමියා වෙනුවෙන් මෙතරම් දෙයක් කළ හැකි ද යන පැනය අප තුළ මතු කරනු ලබයි. සාහිත්‍ය කතාවල සිටින සාවිත්‍රි වැනි චරිත අප දෑස් ඉදිරියේ හොල්මන් කරනු ලබන්නේ එවිටය. දේශපාලනඥයින් විසින් මැතිවරණ වේදීකාවල රට සංවර්ධනය කර ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇතැයි වහසි බස් පැවසුව ද, එහි ඇති සත්‍යතාවය සම්බන්ධයෙන් දැනගත...

ග්‍රාමීය සුන්දරත්වයට එකතු වූ දුෂ්කරත්වය සහ නව යොවුන් විය - 16 Vayathinile 1977

Image
ග්‍රාමීය ජන ජීවිතය යැයි පැවසු විට අපගේ මතකයට නැගෙනුයේ සුන්දර කඳු යායකින් යා වූ දැකුම්කළු පරිසරයකින් හෙබි වටපිටාවකි. නාගරික ජීවිතයක් ගත කරන බොහෝ අයට එය දිව්‍ය ලෝකයක් බඳු ඒවාය. නමුත් එහි ඇත්තේ ව්‍යාජ මවාපෑමක් මිස සත්‍යයක් නොවේ. ගමෙහි ගත කරන ජීවිත අතිදුෂ්කරය. එම ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනයා තරම් අහිංසකයින් මෙලොව කිසිම තැනකින් සොයාගත නොහැකිය. එම ප්‍රදේශවල ජීවත් වන සියලු දෙනාම සුදු චරිත පමණය. කළු චරිත කිසිවෙකුත් නැති තරම්ය. යම් හේතුවකින් කළු චරිතයක් ගමෙහි සිටින්නේ නම් ඔහු නගරයෙන් පැමිණි ධනවත් පුද්ගලයකු විය යුතුය. මෙලෙස ජනයා ඉදිරියේ මවා තිබු වීදුරු මාලිගාව විනාශ කර දැමීමේ වගකීම තම කරට ගත් භාරදිරාජා ඊට කමල්හසන්, රජිනිකාන්ත්, ශ්‍රී දේවි යන අයව තම හමුදාවේ සමාජිකයින් ලෙස බඳවා ගත්තේය. එම හමුදාවට ප්‍රථමයෙන් මයිල් (මොණරා) ලෙස නම තැබුව ද අනතුරුව පදිනාරු වයදිනිලේ යනුවෙන් නම තබන ලදි. වයස අවුරුදු 16 යනු නව යොවුන් විය ආරම්භ වන වයස් සීමාව යැයි පැවසීමට හැකිය. එම වයසේදී අප තුළ ඇති වන වෙනස් වීම් සහ අලුත් දේවල් සොයා යාමේ අවශ්‍යතාවයක් මෙන්ම අපගේ ශරීරයේ සිදු වන වෙනස්වීම් කෙරෙහි කුතුහලයක් ඇති වන කාලයකි. ගුරුවර...