Posts

පිළිතුරක් නොලැබෙන පැනයකට පිළිතුරු සොයන ජනයාගේ කතාව - The Sixth Land

Image
ශ්‍රී ලංකාවට පෙරදිග මුතු ඇටය යනුවෙන් හඳුන්වනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න මා නොදනිමි. නමුත් ඒ නම සහ ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ජනයා අතර විශාල සබඳතාවයක් තිබේ. අප මුතු සොයා යා යුතුය. එලෙසම මෙරට සිටින ජනයා ද විවිධ කාලවලදී, නොයෙකුත් දේවල් සොයා ඇවිදහ. විරෝධතා, උපවාස සිදු කළහ. යම් සෙවීම්වල සාර්ථක ප්‍රතිඵල ලැබුණ ද, ඇතැම් සෙවීම්, සෙවීම් පමණක්ම විය. සෙවීම පමණක් ජීවිතය කරගත් 90,000කට ආසන්න පිරිසකගේ එක් කතාවක් ලෙස අනන්ත රමනන්ගේ අධ්‍යක්ෂණයෙන්, නවයුගා සහ බාක්සී ඇතුළු පිරිසගේ රංගනයෙන් 2020 වසරේ දී තිරගත වූ ආරම් නිලම් (The Sixth Land) චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය.  මෙරට තුළ දශක තුනකට ආසන්න කාලයක් පැවැති සිවිල් අරගලය නිමාවට පත්ව මේ වනවිට වසර 12ක් ගතවී තිබේ. එහෙත් එම අරගලයෙන් පරාජයට පත් වූ ජනයා දෛනිකව මුහුණ දෙන අරගල රාශීයක් තිබේ. ඒ අතර අතුරුදන් වූ තම ඥාතීන් සොයා යාම ද මොවුන්ගේ ජීවිතයේ එක් අංගයක් බවට පත්ව තිබේ. අතුරුදන් වූ තම සැමියා සොයා යන බිරිඳ සහ පියාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින දියණියක් වටා ගෙතුණ කතාවකි මෙම චිත්‍රපටිය. මෙය එක් අයෙකුගේ කතාවක් වූව ද, මෙලෙස ජීවිතය ගත කරන 90,000කට ආසන්න පිරිසක් උතුරු...

නොපැතු නිවන - ජෙයබාලන්

Image
පත්‍ර ගැලවි යන වනයේ මා කුමන පත්‍රයට මාගේ සංවේගය පවසන්න ද සුනාමි අනතුරු ඇඟවීම ඇසි කඳු, කැළෑ පසු කර මුහුදු වෙරළට දිව ආ කවියෙකි මා මිනී කනත්තක් වූ මේ වැලි පොළොවේ කුමන මිනී වලට, මා රැගෙන ආ පුෂ්පයන් පුදන්න ද කා හට නිවන පතන්න ද මෙලොව ඇති විශාලතම සුසාන භූමිය කුමක් ද..? දහස් ගණනින් වූ අධිරාජ්‍යයන් විනාශ කර නව ධජයන් ඔසවා සිදු කරන පාලන ක්‍රමයයි වනය මැද බැට කෑ සර්පයින් ලෙස විනාශ වූ අපගේ දැරිවියන්ගේ ශාපයන් මා හට හඬ ගසයි කුමන ශාපයට මා බිලි වෙම්දෝ සංචාරක පක්ෂීන්ගේ හඬ මැකි ගිය පසුව හිස් වනාන්තර ගී ගයයි ඉතිහාසය මල් ඵල ගන්වනු ඇත කවිය - ජෙයබාලන් (பாடா அஞ்சலி) පරිවර්තනය - ජෙගන් ගනේෂන්

රටේ ආර්ථිකය වෙනුවෙන් ගෙදර ආර්ථිකය පාඩු කරගත් මිනිසුන්ගේ දුක

Image
තම රට, ජාතිය, මිත්‍රයින් සහ ඥාතීන් අමතක කර වෙනත් රටක් දියුණු කිරීමට උර දුන් ජනතාවට නිතරම හිමි වූයේ, දුක පමණය. මැතිවරණයේදී ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුවත්, සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදු වූ බෝම්බ පිපිරීම්වලින් අනතුරුවත්, වතුකරයේ ජීවත් වූ ජනයාට ලැබුණේ අමිහිරි මතකයන් පමණය. කලකට පෙරදී ඔවුන්ට දේශපාලනික අයිතිවාසිකම් පවා අහිමි කරනු ලැබිය. වසර 200කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙලින් කිරීමට තේ කූඩය පිට එල්ලාගෙන කුදු තත්ත්වයට පත් වූ ජනතාවක් ලෙස ඉන්දියානු සම්භවයක් සහිත වතුකම්කරුවන්ව හඳුන්වා දිය හැකිය. අහස උසට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යන විට සිය දෛනික වැටුප රුපියල් 05 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා ඔවුන් ඈත අතීතයේදී පාර බැස්සහ. අතීතය තවමත් වෙනස්ව නොමැත. දෛනික වැටුප රුපියල් 1000 කරගැනීමට නැවතත් ඔවුන් අරගලයක් දියත් කළහ. ඔවුන්ට කිසිවක් බන්දේසියක තබා ලැබුණේ නැත. සියල්ලම දිනාගනු ලැබුවේ වසර ගණනක් පුරාවට සිදු කළ දීර්ඝ අරගල මගින්ය. ඒවා ලැබුණේ ද විවිධ දේශපාලකයින් තම මඬිය තරකර ගැනීමෙන් අනතුරුවය. වතුකරයේ ඇත්තේ, වෛද්‍යවරුන් නොමැති රෝහල්, ගුරුවරුන් නොමැති පාසල්ය. ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් කතා කිරී...

අප්පගෙයි - පුතාගෙයි අමුතුම Friendship එක - [Aelay (2021) - Tamil ]

Image
මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය වූ පෘථිවිය ඇතුළු නොයෙකුත් ග්‍රහයන්, උපග්‍රහයන් තවමත් විනාශ නොවි පවතින්නේ, බැඳීම් නිසාය. සූර්යයා සහ ග්‍රහ ලෝක අතර බැඳීමක් නොමැති වූයේ නම් ඒවා එකිනෙක ගැටී විනාශ වනු ඇත. පරිණාමයට ලක්වෙමින් පැමිණි මානව වර්ගයා ද තවමත් මෙම භූතලයේ නොනැසි පවතින්නේ මෙම බැඳීම නමැති සංකල්ප හේතුවෙන්ය. එම බැඳීම් විවිධ නාමරූප යොදා ගනිමින් සාකච්ඡා කළ හැකිය. මව සහ දරුවන් අතර ඇති බැඳීම් දිගු කාලීන වූව ද, පිය-පුතු බැඳීම කාලානූරූපීය වෙනස් වීමට ලක් වෙයි. යම් පවුලක එය දැකිය හැකි පොදු ලක්ෂණයකි. ඊට නිසි හේතුවක් සොයා ගැනීම යනු ඉතා අපහසු කරුණකි. කිසිදු බැඳීමකින් තොරව ජීවත් වන පියා සහ පුතා අතර සිදු වන සිද්ධීන් එකිනෙක ගළපා අප ඉදිරියේ තැබු චිත්‍රපටියක් ලෙස “ඒලේ” හඳුන්වා දිය හැකිය. මිනිසා අතීතකාමයට බොහෝසේ ප්‍රිය කරයි. එම නිසා ග්‍රාමිය ජීවිතය අතහැර නගරබද පරිසරවල ජීවත් වන පිරිස් තමන්ට විවේකයක් ලැබුණ විටක තමන් ගත කළ ග්‍රාමීය ජීවිතය ගැන සිතා බැලීමට කාලයක් වෙන් කරනු ලබන්නේ ද ඒ හේතුවෙන්ය. තම අතීතය මෙනෙහි කරන අවස්ථාවේදී ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි චිත්‍රපටියක් ලෙස “ඒලේ” නම් කිරීමට හැකිය. ග්‍රාමීය ජීවිතය තුළ ම...

සෑම තැනකදීම අසාධාරණයට ලක් වූ වතුකරයේ ජනයාගේ සිනමාවක අවශ්‍යතාවය - Video

Image
මෑතකදී දෙමළ සිනමාවට කිසිදු සම්බන්ධයක් නොමැති එක් ස්වාධීන ගීතයක් දෙමළ රසිකයින් මෙන්ම තවත් බොහෝ අය මිමුණු ගීතයක් ලෙස ලෙස “කුක්කූ... කුක්කූ... එංජාමි... එංජාමි...” ලෙස ආරම්භ වන ගීතය හඳුන්වා දිය හැකිය.   “වීදි හඬ” යනුවෙන් සමාන්‍ය ජනයාගේ ජීවිකාව ගීයක් බවට පත් කළ ගායකයෙකු ලෙස රැප් ගායක අරිවුව හඳුන්වා දිය හැකිය. ඉන්දිය සිනමාවේ සිටින සංගීත අධ්‍යක්ෂවරයෙකු වන සන්තෝෂ් නාරායනන්ගේ සංගීතයෙන් සහ ශ්‍රී ලාංකේය සම්භවයක් තිබෙන ගායිකාවක වන සන්තෝෂ් සුබ්‍රමණියම්ගේ දියණියක වන ‘දී’ නොහොත් දීක්ෂිතා වෙන්කඩේෂන් සමඟ එක්ව අරිවු ද මෙම ගීතය ගායනා කර තිබේ. මෙහි පද්‍ය රචනය ද අරිවු විසින් සිදු කර තිබීම විශේෂත්වයකි.   මෙම ගීතය ජනයා අතර වඩාත් ප්‍රචලිත වීමට මෙහි භාවිත කර ඇති සංගීත රටාවත්, ගායිකාවගේ හඬත් , ගීතයෙහි ඇති පද පෙළත් හේතුවක් ලෙස පැවසීය හැකිය. සංගීත අධ්‍යක්ෂවරුන් වන ඒ.ආර් රහුමාන් සහ සන්තෝෂ් නාරායනන් මෙන්ම චිත්‍රපටි අධ්‍යක්ෂ පා. රංජිත් යන අය විසින් ස්වාධීන ගීත ප්‍රවර්ධනය කිරීමට පිහිටුවා ඇති ‘මජා’ නමැති සංගීත වේදිකාව හරහා අදාළ ගීතයේ නිෂ්පාදන කටයුතු කර තිබේ. ඒ හේතුවෙන්ම මෙය රසිකයින් බොහෝමයක් වැළඳගත් බව ද...

අතුරුදන් වූ පුතාව සොයා හිස් ලූ අත ඇවිදින පියා

Image
තමන් මිය ගිය පසුව අවසන් කටයුතු කිරීමට පුතෙකු අවශ්‍ය යැයි සිතු දෙමාපියන් පුතෙකු බිහි කිරීම සිය ඒකායන අරමුණ කරගෙන සිටියහ. පුතෙකු බලාපොරොත්තුවෙන් ගැහැනු දරුවන් කිහිප දෙනෙකු සිටිය ද, තවත් දරුවන් වැදු දෙමාපියන් ගැන අප අනන්තවත් අසා ඇත්තෙමු. අදාළ කාරණය ඈත අතීතයේ සිට පවතින්නක් විය. අතීතයේ දෙමාපියන් මිය ගිය පසුව ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කරන ලැබුවේ පුතා විසින්ය. එකල සමාජය තුළ කාන්තාවන්ට නොඑසේ නම් දියණියන්ට සොහොන තුළ පැමිණීමට තහංචි පනවා තිබුණි. අදටත් ඈත පිටිසර ගම්වල මෙය ක්‍රියාත්මකය. ඊට හේතුව කුමක් දැයි මා නොදනිමි. ප්‍රශ්න නොඅසා එකඟවී සිදු කරන ක්‍රියාවන්වලට අප සම්ප්‍රදාය යැයි කියමු. මෙය ද එවැනි සාම්ප්‍රදායික දෙයකි. මෙලෙස දෙමාපියන්ගේ අවසන් කටයුතු කිරීමට සිටින පුත්‍රයා ඔවුන්ට පෙර මිය ගියහොත් එසේ නොමැති නම් අතුරුදන් වූවහත් ඔවුන්ට දැනෙන හැඟීම කෙබඳු වනු ඇති ද..? ඔවුන් තම පුත්‍රයා සොයා හිස හැරුණු අත ඇවිද යනු ඇත. එවැනි පියෙකුගේ ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයෙහි යම් කතා බහක් නිර්මාණය කර තිබුණි. එය පොත්තුවිල් සිට පුලිකන්ඩි දක්වා උතුරේ දේශපාලනඥයින් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කර තිබු විරෝධ...

ගොවිතැන බේරාගන්නට අඟහරු ගමන අතහැර ආ නාසා විද්‍යාඥයා [ Bhoomi - Tamil 2021 ]

Image
මෙලොව ජීවත් වන වෘත්තීකයින් අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගොවියන් යැයි කිවහොත් කවුරුත් මා සමඟ එකඟ වනු ඇතැයි සිතමි. මේ වනවිට බොහෝ ගොවීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වෙනත් රැකියාවන් කෙරෙහි යොමුවන්නේ එම බලපෑමට සාර්ථක මුහුණ දිය නොහැකි හේතුවෙන්ය. එහෙත් ගොවිතැනට පණ මෙන් ආදරය කරන කිහිප දෙනෙකු ගොවිතැන් කිරීමට සූදානම් වුව ද ඒ සඳහා අවශ්‍ය වන බීජ, පොහොර සහ තාක්ෂණික දැනුම වැනි දෑ ලබාගැනීමට නොහැකිව සිටින අවස්ථාවක ඔවුන්ගේ පිහිට පැමිණි බොහෝ බහුජාතික සමාගම් මේ වනවිට ලාභ උපයමින් සිටිති. එම සමාගම් ලාභ උපයන විට ණයබරින් පීඩා විඳින ගොවියාගේ ජීවිතය ලණුවකට, වස කුප්පියකට, ළිඳකට හෝ පෙට්ට්‍රල්වලට සීමා වෙයි. මහපොළව සමඟ උරෙන් උර ගැටි ගොවින් තැන් කළ ගොවියා ගිනිපොලිකරුවන්ට හසුවී සිය ජීවන ගමන අවසන් කරගනිමින් සිටියි. යම් රටක තිබෙන ස්වභාවික සම්පත්වලින් විශාල නිෂ්පාදන සිදු කර හැකි බවට පවසමින් රටවල් තුළට පැමිණ ආයෝජන කරන බහුජාතික සමාගම් සිය අභිමතය පරිදි රටේ පාලනයට අතපෙවීම් අපට නිතරම හමුවේ. එහි දිගුවක් ලෙස අවසානයේදී රටෙහි නායකයා තේරීම පවා එම බහුජාතික සමාගම්වල අවශ්‍යතාවයන් මත සිදු වෙයි. මෙලෙස බහුජාතික සමාගමක බිල්ලක් බවට...