දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිය ජීවිතය කැප කළ 18 හැවිරිදි රාජස්වර්ණම් සෙන්දූරන්
තොරතුරු දැනගැනීම මිනිසාගේ අයිතිවාසිකමකි. අනාගතයේදී එය මූලික අවශ්‍යතා අතරට එක් කරනු ලැබුව ද ඒ සම්බන්ධයෙන් පුදුම විය යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ පවා යම් යම් අවස්ථාවල ෆැසිස්ට් ලක්ෂණ මතු වන අවස්ථා දැකිය හැකිය. මා අධ්‍යයනය කර ඇති ආකාරයට අනුව මෙරට ප්‍රථම වරට ආණ්ඩුවක් විසින් මාධ්‍ය වාරණයක් පනවනු ලැබුවේ 1958 වර්ෂයේදීය. ඒ සිංහල දෙමළ කෝලාහලය පැවති කාල සීමාවේදීය. එම වසරේදී හදිසි නීතිය ප්‍රකාශ කරමින් මාධ්‍ය වාරණයට රජය කටයුතු කර තිබුණි. මේ වනවිට ආණ්ඩුව විසින් මාධ්‍ය වාරණයට සෘජුව දායක නොවුන ද ආණ්ඩුවට සහය දෙනු ලබන කණ්ඩායම් විසින් තම න්‍යාය පත්‍රවලට අනුව පුවත් වාරණයක යෙදීම දැකගත හැකිය. පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක වූ අවස්ථාවකදී පවා තොරතුරු දැනගැනීමට වාරණ පැනවූ අවස්ථා අසීමිතය. 2015 වසරේදී බලයට පැමිණි යහපාලන රජයෙන් බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් තම ජීවිතය කැප කළ රාජස්වර්ණම් සෙන්දූරන්ගේ පස්වන වර්ෂ පූර්ණය ඊයේ (26) දිනයට යෙදි තිබුණි. මේ සම්බන්ධයෙන් මා තැබු කෙටි සටහනකට ලැබුණ ප්‍රතිචාර හේතුවෙන් මෙම සටහන ලිව...